BBC News, සිංහල - ප්රධාන පුවත්
ප්රධාන පුවත
PSTA: ත්රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගෙන් නිර්දේශ 9ක්
ශ්රී ලංකාවේ යෝජිත 'ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (Protection of the State from Terrorism Act) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර, ඒ ගැන හොඳින් සොයා බලා මහජනතාව සහ විද්වතුන් සමග සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. එමෙන් ම, මේ සඳහා රජයට අවශ්ය තාක්ෂණික උදව් සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව ද එම කාර්යාලය සඳහන් කරයි.
නාමල් රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11ට කල් දමයි: ඊට බලපෑ හේතුව කුමක් ද?
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් NR consultancy නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (ඔක්: 29) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමේ විශේෂ වාර්තාවක්: ගැටුමට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ මොනවා ද?
2026 ජූලි මස 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම සහ ඉන් අනතුරුව රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේදී රැඳවියන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුව තිබේ ද යන්න සොයා බැලීමට ස්වයං මෙහෙයවීම් විමර්ශනයක් සිදු කළ බව මානව හිමිකම් කොමිසම නිවේදනය කර තිබේ.
වීඩියෝ, ඉතිහාසයේ දරුණුතම එල් නිනෝ තත්ත්වය කුමක් ද?, ධාවන කාලය 10,36
ලෝකය තවත් ප්රබල එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක් පිළිබඳ අවධානය යොමුව ඇති මේ මොහොතේ, 1877දී සැබැවින් ම සිදු වූයේ කුමක් ද? ඉතිහාසයේ දරුණුතම දේශගුණික ව්යසනයන්ගෙන් එකක් ලෙස සැලකෙන එම සිදුවීමෙන් අද ලෝකයට ඉගෙන ගත හැක්කේ මොනවා ද?
නාමල් රාජපක්ෂගේ නීතිඥ අලි සබ්රි සහ අල්ලස් කොමිසමේ නිලධාරිනිය අතර අධිකරණයේදී වචන හුවමාරුවක්
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වැනිදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (ඔක්තොබර් 28 වැනිදා) නියම කළේය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්ය ද?
අවම ඩේටා ප්රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්යා දත්ත ඇසුරෙන්
කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්රදේශ ආශ්රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.



















































