විනිසුරු විශ්‍රාම වයස දික් කරන 22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කරන විනිසුරු මඩුල්ල සහ දින නම් කරයි

ඡායාරූප මූලාශ්‍රය, PMD Sri Lanka
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට දින (සැප්: 01) ඒවා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කරනු ලැබ ඇත.
එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන කටයුතු කරයි.
විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග නම් කර තිබේ.
මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් හෙට දිනයේ සලකා බැලීමට නියමිත ය.
අප වාර්තාකරු පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට පෙත්සම් 50කට අධික සංඛ්‍යාවක් ගොනු කර ඇති බව ය.
තොරතුරු බලාපොරොත්තු වන්න...






























