BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • ලකුණු 430ක් හඹාගොස් ශ්‍රී ලංකාව ලැබූ ලොව මවිත කළ ජය: මෙම තරගය ඓතිහාසිකව වැදගත් වන්නේ ඇයි?

    නව තරග වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකාව අද (ඔක්: 22) එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරග ජයක් වාර්තා කළේ ය. මෙම ජයග්‍රහණයත් සමග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දෙවන ඉහළ ම ලකුණු හඹා යාමේ වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති මෙම තරගය, එක්දින ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් එක්ව රැස් කළ දෙවන ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 859ක් වාර්තා වීම හේතුවෙන් ද විශේෂත්වයකි.

  • ඔක්තෝබර් 27 දක්වා තද වැසි: අනතුරු ඇඟවීම් සහිත ප්‍රදේශ මොනවා ද?

    ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (ඔක්. 22) සිට ඔක්: 27 දක්වා වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

  • පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට නියම කළ ගම්පහ මහේස්ත්‍රාත්වරයා අද පොලිසියට දුන් තීරණය

    රට වැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීම් නොකරන ලෙස සමස්ත පොලිස් නිලධාරීන්ට දැනුම් දෙමින් සියලු ම පොලිස් නිලධාරීන් ආවරණය වන අන්දමට චක්‍ර ලේඛයක් නිකුත් කිරීම සඳහා පොලිස්පතිවරයාට නියෝගයක් දීම ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද (ඔක්: 22) ප්‍රතික්ෂේප කළේ ය.

  • වෙළෙඳපොළේ උපත් පාලන පෙති හිඟයට හේතුව කුමක් ද?

    පසුගිය මාසයකට වැඩි කාලයක් පුරාවට වෙළඳපොළේ මෙම උපත් පාලන පෙති හිඟයක් ඇති වී තිබූ අතර, උපත් පාලනය සඳහා පමණක් නොව මෙම පෙති වෙනත් ලෙඩ රෝග සඳහා ද භාවිත කරන බැවින් ඒවා දිනපතා භාවිතයට ගන්නා කාන්තාවන් හට ඒවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබිණි.

  • 'අධිකරණය ඇන්දවීමට උත්සහ කිරීම නිසා' පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි

    අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවත්, පොලිස්පතිවරයා 'උසාවිය ඇන්දීමට උත්සහ කරන බවක්' පෙනී යන බව සඳහන් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබිණි.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා

    2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.

  • ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?

    ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.

  • සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?

    අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.

  • ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු

    2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.

  • ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නව නීති දැන් ක්‍රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු

    ශිෂ්‍ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්‍ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?

ජනප්‍රිය ලිපි