ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
'ෆොරිනර්ස් ඔන්ලි' හෝටල් ගැන දේශීය සංචාරකයින්ගෙන් චෝදනා: ඊට අදාළ නීති මොනවා ද?
"මං එතනට ගියේ මගේ ඉතාලි යාළුවො 5 දෙනෙක් එක්ක. මං එන්ට්‍රන්ස් ෆී එක ගෙවන්න පර්ස් එක ගත්තා ම මට කිව්වා මල්ලිට යන්න බෑ කියලා. මට මාර ලැජ්ජ හිතුණා මගේ යාළුවෝ ඉස්සරහ. මගේ යාළුවෝ ගියෙත් නෑ. ඒ අවට ඉඳන් ඒ සිද්ධිය දැකපු සමහර ගෙස්ට්ලත් Very Racist place කියලා යන්න ගියා. මං පස්සේ හොයලා බැලුවා ඇයි එහෙම ලංකාවේ අපිට යන්න බැරි කියලා."
කෛලාෂ කූඨය සහ මානසවිල: බෞද්ධ ඇතුළු ආගම් 4ක ජනතාවකගේ සියවස් ගණනක පූජනීය ගමනාන්තය
මානසරෝවර් යනු, මුහුදු මට්ටමේ සිට මීටර් 4,500කට වැඩි උසක පිහිටි නිල් පැහැති විලකි. කෛලාෂ කූඨය ඊට යාබදව අහස සිඹිමින් නැගී සිටියි. වසරේ වැඩි කාලයක් හිම සහ අයිස්වලින් වැසී පවතින මෙය ලෝකයේ වඩාත් ම දූරස්ථ සහ හුදෙකලා ස්ථානවලින් එකකි.
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධිය: වින්දිත වෛද්‍යවරිය පළමු වරට සාක්ෂි දෙයි
මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබෙළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව වින්දිත වෛද්‍යවරියගෙන් වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 19 වන දින සිදු කරන බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක නියෝග කළේ ය. මෙම නඩුකරය සිකුරාදා (අගෝ: 28) අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ වින්දිත වෛද්‍යවරිය පළමු වරට නඩුවට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අනුරාධපුර මහාධිකරණයට පැමිණ සිටියා ය.
ග්ලැසියර් විලක් උතුරා යාමෙන් දෙවන වරටත් ක්ෂණික ගංවතුරක් ඇතිවීමේ 'ඉහළ අවදානමක්' ඇති බවට චීනය අනතුරු අඟවයි
නේපාල-ටිබෙට් දේශසීමාව ආසන්නයේ මෑතකදී සිදුවූ නායයාමෙන් පසු නිර්මාණය වූ විලක බැමි බිඳී යාමේ "දැඩි අවදානමක්" පවතින බවට චීනය අනතුරු අඟවා ඇති අතර, එමගින් පහළ ප්‍රදේශවල දෙවන වරටත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ප්‍රකාශ කර තිබේ.
නේපාල-ටිබෙට් දේශසීමාවේ ක්ෂණික ගංවතුරක් ඇති වුණේ ඇයි? විද්‍යාඥයින් පවසන්නේ කුමක් ද?
නේපාල බලධාරීන් විශ්වාස කරන්නේ, මෙම කඩා වැටීමෙන් ප්‍රබල සුන්බුන් ප්‍රවාහයක් ජනනය කරමින් විශාල ජල පරිමාවක් මුදා හැර ඇති බවයි. එක් ප්රමුඛ න්‍යායක් වන්නේ එම සුන්බුන් ලෙන්ඩේ ගඟ තාවකාලිකව අවහිර කර ස්වාභාවික වේල්ලක් නිර්මාණය කළ බවයි. එක් රැස් වූ ජලය අනතුරුව වේල්ල කැඩී යාමට හේතුවීමෙන් විනාශකාරී ජල පහරක් පහළට යොමු කළේ ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'
"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.
කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?
පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.
අහංගම වෙරළ තීරයේ ඇත්තට ම සිදු වුණේ කුමක් ද? ඉදිරියේදී සිදු කිරීමට යන වෙනස්කම් මොනවා ද?
"සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී මිරිස්ස වෙරළ තිරයේ මනුස්සයෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මුහුදු වෙරළේ පුටු වගේම බංකර් බෙඩ් එහෙම තියලා තියෙන නිසා. අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසිම දෙයක් කරන්නෙපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරය ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන. මේ නිසා අපි ඉදිරියේදී වෙරළ තීරයේ යම් සීමාවන් පනවනවා පුටු වගේම බංකර් බෙඩ්ස් තියන්න පුළුවන් ප්‍රමාණවල් ගැන."
නන්දා මාලිනී: හඬ පෞරුෂයෙන් 'අරගලයක්' කළ සිංහල ගීතයේ යශෝරාවය
1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි. ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.
එල් නිනෝ නිසා ශ්‍රී ලංකා මුහුද වටා වන මත්ස්‍ය ගහන සිතියම වෙනස් වෙයි ද?
ශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ධීවර ප්‍රජාව පවසති. මෙහි දැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ දින ගණනාවක් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවරයින්ට ය. එල් නිනෝ තත්ත්වය මත්ස්‍ය ගහන සිතියමට බලපා ඇත්තේ කෙසේ ද?