ට්‍රම්ප් මාධ්‍යවේදීන් නිහඬ කරන්නේ කුමන ප්‍රශ්න වල දී ද?

ට්‍රම්ප් මාධ්‍යවේදීන් නිහඬ කරන්නේ කුමන ප්‍රශ්න වල දී ද?
Published

තමන් පිළිතුරු දීමට අකමැති ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන විට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් (විශේෂයෙන්ම මාධ්‍යවේදිනියන්) වෙත දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමේ හෝ ඔවුන්ව නිහඬ කරවීමේ ක්‍රියාවල නිරත වේ. මෙවැනි ප්‍රසිද්ධියේ සිදු කෙරෙන අවමන් කිරීම්වලට හේතු මොනවාද යන්න සහ ජනාධිපතිවරයා තමන්ගෙන් අසනු ලැබීමට අකමැති ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව BBC හි ටොම් බේට්මන් විමසා බලයි.