නේපාල ගංවතුරෙන් දරුවන් 900කගේ දිවි බේරූ විදුහල්පතිවරයා

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

පසුගිය දා නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය අතරතුර නුවාකොට් ප්‍රදේශයේ ත්‍රිභුවන ත්‍රිශූලි ද්විතීයික විද්‍යාලයේ ළමයින්ට සහ කාර්ය මණ්ඩලයේ 900කට ආසන්න පිරිසකට ගංවතුරෙන් බේරීමට හැකියාව ලැබුණි. ඒ එම පාසලේ විදුහල්පතිවරයා සිසුන් පාසලෙන් ඉවත් කිරීමට ගත් ක්ෂණික තීරණයක් නිසා ය.

"අපි ලොකු ජීවිත ප්‍රමාණයක් බේරගත්ත එක ගැන මට හරිම ආඩම්බරයි. අපි ඒ වෙලාවේ ඉක්මන් තීරණයක් ගත්තේ නැත්නම්, තව විනාඩි දහයක් පරක්කු වුණා නම්, ළමයින්වත්, මංවත් අද මෙහෙම කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ" ත්‍රිභුවන ත්‍රිශූලි ද්විතීයික විද්‍යාලයේ විදුහල්පති, රාජේන්ද්‍ර දවාඩි බීබීසී නේපාල සේවයට පැවසීය.