ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය (දිනය 02): කරුණු දැක්වීම් ඇරඹෙයි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග කිරීම සිදුවේ.
මේ වන විට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම් සිදු කරති.
පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම දේශන අවසානයේදී නීතිපතිවරයා මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිත ය.
ඊයේ පෙරවරුවේ ඇරඹි මෙම පෙත්සම් විභාගය රාත්‍රී 10.30 දක්වා පැය 12කට ආසන්න කාලයක් පැවැත්විණි.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...