නේපාල-ටිබෙට් ගංවතුර: බැකෝ යන්ත්‍රයක 'කුල්ලෙන්' බේරා ගැනුණු 97 හැවිරිදි මිත්තණිය

නේපාල-ටිබෙට් ගංවතුර: බැකෝ යන්ත්‍රයක 'කුල්ලෙන්' බේරා ගැනුණු 97 හැවිරිදි මිත්තණිය
Published

නේපාලයේ ගංවතුරට ගසාගෙන ආ සුන්බුන් අතර සිරව සිටියදී බේරා ගැනුණු 97 හැවිරිදි කාන්තාවක රෝහලේ සුවය ලබමින් සිටින බව ඇයගේ වෛද්‍යවරු පවසති. ගුණා මායා බොහාරාගේ මුණුබුරෙකු වන දීපක් බොහාරා BBC නේපාල සේවයට පවසා ඇත්තේ, ඇය 'යුද්ධයක් ජයගෙන ආ රණශූරියක මෙන්' පෙනුණු බව ය.

නේපාල පොලිසිය බැකෝ යන්ත්‍රයක 'කුල්ලක්' තුළ තබාගෙන ඇය රැගෙන ගිය දර්ශන ලොව පුරා ප්‍රසිද්ධ වී තිබේ.

බදාදා (අගෝ: 26) ඇති වූ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, තවත් 2,500කට අධික පිරිසක් අතුරුදන්ව තිබේ. ටිබෙට් දේශසීමාවට ආසන්න හිමාලයානු කලාපයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් මෙම ගංවතුර ඇති වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

වාර්තාව: කමල් පරියාර් සහ මන්සි කපූර්

සංස්කරණය: නෝමන් මස්රූර්