BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය: පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට කළ ඉල්ලීම ඉවත දමයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවත් ය.
හිටපු ඇමති ප්‍රියංකරට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
මහජන භාරයට පත්වු නිලධාරීයකු වශයෙන් මහජන නියෝජිතයන් වෙත පැවරි ඇති වගකීම් විත්තිකරු විසින් ඉටුනොකර සිය පුද්ගලික අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා වැය කර ඇති බව පෙනී යන හෙයින් එවැනි වැරදි කරන මහජන නියෝජිතයන් අධෛර්යමත් කරන ආකාරයේ දඬුවම් දීමට තම අධිකරණය පසුබට නොවන බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් කියා සිටියේ ය.
චූලා: 'රටෙන් ගත් දේ ආපසු රටට දී' හදිසියේ යන්න ගිය නිරූපණ ක්ෂේත්රයේ දැවැන්ත සන්නාමය
"එයා ගොඩක් දක්ෂ මලල ක්‍රීඩිකාවක් ඒ කාලේ. අපි දෙන්න ම ක්‍රීඩා කළා. ඒ නිසා අපි නිතර හම්බ වුණා. එයා ගොඩක් හොඳ යාළුවෙක්. පාසලෙන් ඉවත් වුණාට පස්සෙ අපි දෙන්නා ම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වුණා. ඊට පස්සෙත් අපි එකට ම හිටියා."
මිහින්තලේ කටුසෑයේ 'අනීතික' යාතිකා සහ පඬුරු එකතු කිරීම් වළක්වමින් අධිකරණයෙන් තහනම් නියෝගයක්
මිහින්තලය පුද බිමේ පිහිටි කටුසෑයේ අනීතිකව යාතිකා කටයුතු කරමින් පඬුරු මුදල් අට පිරිකර ඇතුළු පූජා භාණ්ඩ නීති විරෝධීව එක් රැස් කරමින් සිටින කපු මහත්වරුන් යැයි කියා ගන්නා විත්තිකරුවන් තිදෙනෙකු එකී යාතිකා කටයුතු වලින් සහ පඬුරු මුදල් සහ පූජා භාණ්ඩ එක්රැස් කිරීමෙන් වළක්වාලමින් අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම් (අගෝ: 31) තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
මධ්‍යම අධිවේගයට සම්බන්ධ වන මාර්ග ජාලයේ සංවර්ධනයට රු. බිලියන 104.9ක්: සංවර්ධනය වන මාර්ග මොනවා ද?
මෙම ව්‍යාපෘතිය යටතේ කොටස් හතරකින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමඟ සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධ මාර්ග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත.
මංගල T20 තරගයේදී ම දක්ෂතම ක්‍රීඩිකාව වූ චේතනා විමුක්ති: රටට අත්හැරෙන්නට ගිය ක්‍රීඩිකාවක පැමිණි ගමන්මග
"මම ඉස්සර ඉදලම ක්‍රිකට් ක්‍රීඩා කරනවා බලන්න ආසයි. දුව කියනවා එයා ක්‍රිකට් ක්‍රීඩා කරන්න පෙළඹෙන්න ඇත්තේ ඒ නිසා කියලා. මොකද අපේ ලොකු පුතාවත් පොඩි පුතාවත් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. මෙයා තමයි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. දුව පොඩි කාලේ ඉදලම හරි වෙනස්. මම පොඩි කාලේ ඉදල දුව ක්‍රිකට් සෙල්ලම් කරන්න යනකොට එයාගේ පස්සෙන් යනවා. දැන් එයා ලොකු ළමයෙක්. එයා වැඩිවියට පත්වුනාට පස්සේ එයා තනියම ක්‍රිකට් පුහුණුවීම් වලට යන්න පටන් ගත්තා. එයා කොළඹ ගියත් එහෙමයි. මට දුව ගැන බයක් නැහැ. එයා දක්ෂයි."
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'
"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.
කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?
පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.
අහංගම වෙරළ තීරයේ ඇත්තට ම සිදු වුණේ කුමක් ද? ඉදිරියේදී සිදු කිරීමට යන වෙනස්කම් මොනවා ද?
"සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී මිරිස්ස වෙරළ තිරයේ මනුස්සයෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මුහුදු වෙරළේ පුටු වගේම බංකර් බෙඩ් එහෙම තියලා තියෙන නිසා. අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසිම දෙයක් කරන්නෙපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරය ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන. මේ නිසා අපි ඉදිරියේදී වෙරළ තීරයේ යම් සීමාවන් පනවනවා පුටු වගේම බංකර් බෙඩ්ස් තියන්න පුළුවන් ප්‍රමාණවල් ගැන."
නන්දා මාලිනී: හඬ පෞරුෂයෙන් 'අරගලයක්' කළ සිංහල ගීතයේ යශෝරාවය
1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි. ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.
එල් නිනෝ නිසා ශ්‍රී ලංකා මුහුද වටා වන මත්ස්‍ය ගහන සිතියම වෙනස් වෙයි ද?
ශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ධීවර ප්‍රජාව පවසති. මෙහි දැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ දින ගණනාවක් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවරයින්ට ය. එල් නිනෝ තත්ත්වය මත්ස්‍ය ගහන සිතියමට බලපා ඇත්තේ කෙසේ ද?




















































