අපි අපේ මුතුන්මිත්තන්ට වඩා උස ඇයි? ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්ෂ්ය 3ක්

ඡායාරූප මූලාශ්රය, tetyanka, NGUYEN THI NHI, Klaus Vedfelt, George Marks via Getty Images
- Author, කැතරීන් හීත්වුඩ්
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
ඔබේ මුතුන්මිත්තන් (මුත්තලා සහ ආච්චිලා) සමඟ සසඳන විට ඔබ කොතරම් උසද? බොහෝ දුරට, ඔබ ඔවුන්ට වඩා සැලකිය යුතු ලෙස උස වීමට ඉඩ තිබේ.
Our World in Data පර්යේෂණ ප්රකාශනයට අනුව, ලොව පුරා අද වන විට සිටින තරුණ ප්රජාව සාමාන්යයෙන් මීට වසර 100කට පෙර සිටි ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වඩා සෙන්ටිමීටර 10ක් පමණ උසින් වැඩි ය.
1896 සහ 1996 වසරවල උපත ලැබූ පුද්ගලයින් සංසන්දනය කරමින් 2016 වසරේ සිදු කළ අධ්යයනයකින් හෙළි වූයේ දකුණු කොරියානු කාන්තාවන් සහ ඉරාන පිරිමින් පිළිවෙලින් සෙන්ටිමීටර 20 කින් සහ සෙන්ටිමීටර 17 කින් වැඩි ම වර්ධනයක් පෙන්වා ඇති බව යි.
ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්යාලයේ ගෝලීය සෞඛ්ය පිළිබඳ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අරවින්ද ගුන්ටුපල්ලි පවසන්නේ, මෙය ආහාර වේලෙහි වැඩිදියුණු වීම්, රෝගවල පසුබිම, එන්නත්කරණය සහ තවත් බොහෝ සාධක නිසා සිදු වූ බව ය.
නමුත් මිනිසාගේ උස පිළිබඳ කතාව සැමවිට ම සුමටව ඉහළයාමක් සිදුව නැත. වසර දහස් ගණනක් පුරාවට ආහාර රටාව, යුද්ධය, රෝගාබාධ සහ අනෙකුත් දැවැන්ත සමාජීය වෙනස්කම් අපගේ උස ප්රමාණයේ උච්ඡාවචනවලට හේතු වී තිබේ.

ඡායාරූප මූලාශ්රය, plan shooting2 / Imazins via Getty Images
ඉතිහාසය දෙස බැලීමක්
වෙනත් ආකාරයේ ඓතිහාසික හෝ සංඛ්යානමය දත්ත නොමැති විට, ජීවන තත්ත්වයන් පිළිබඳ පුළුල් කතාවක් අපට කියා දීමට උසට හැකි බව පර්යේෂකයෝ පවසති.
"උස කියන්නේ යහපැවැත්ම පිළිබඳ හොඳ දර්ශකයක්," උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්ව විද්යාලයේ ආර්ථික ඉතිහාසඥයෙකු සහ ප්රායෝගික මහාචාර්යවරයෙකු වන ආචාර්ය මාතියස් බ්ලම් පවසයි.
අධ්යයනවලින් යෝජනා කෙරෙන්නේ යන්නේ උසින් 80%ක් හෝ 90%ක් ජාන මගින් තීරණය වන බව යි.
ලොව පුරා ජීවත් වන මිනිසුන් සමග ඔබේ උස සසඳන්න
මෙම පිටුවේ ඇතැම් අංග ක්රියාත්මක වීමට JavaScript අවශ්ය වේ. සම්පූර්ණ අත්දැකීම ලබා ගැනීම සඳහා, JavaScript සක්රීය කර ඇති නවීන වෙබ් බ්රව්සරයක් භාවිතා කරන්න.
-
ඇෆ්ඝනිස්ථානය165.3cm
-
ඇල්බේනියාව173.4cm
-
ඇල්ජීරියාව170.1cm
-
ඇමෙරිකානු සැමෝවා176cm
-
ඇන්ඩෝරා176.1cm
-
ඇන්ගෝලාව167.3cm
-
ඇන්ටිගුවා සහ බාබුඩා172.7cm
-
ආර්ජන්ටිනාව174.6cm
-
ආර්මේනියාව172cm
-
ඔස්ට්රේලියාව179.2cm
-
ඔස්ට්රියාව177.4cm
-
අසර්බයිජානය169.7cm
-
බහමාස්172.7cm
-
බහරේනය167.7cm
-
බංගලාදේශය163.8cm
-
බාබඩෝස්175.9cm
-
බෙලරූස්178.4cm
-
බෙල්ජියම181.7cm
-
බෙලීස්168.7cm
-
බෙනින්167.1cm
-
බර්මියුඩා172.7cm
-
භූතානය165.3cm
-
බොලිවියාව166.8cm
-
බොස්නියාව සහ හර්සගොවිනා180.9cm
-
බොට්ස්වානා171.6cm
-
බ්රසීලය173.6cm
-
බෲනයි දාරුසලාම්165cm
-
බල්ගේරියාව178.2cm
-
බර්කිනා ෆාසෝ169.3cm
-
බුරුන්ඩි166.6cm
-
කේප් වර්ඩ්173.2cm
-
කාම්බෝජය163.3cm
-
කැමරූන්167.8cm
-
කැනඩාව178.1cm
-
මධ්යම අප්රිකානු ජනරජය166.7cm
-
චැඩ්170.4cm
-
චිලී171.8cm
-
චීනය171.8cm
-
චීනය (හොංකොං විශේෂ පරිපාලන කලාපය)173.6cm
-
කොලොම්බියාව169.5cm
-
කොමරෝස්166.2cm
-
කොංගෝව167.4cm
-
කුක් දූපත්174.8cm
-
කොස්ටාරිකා168.9cm
-
අයිවරි කෝස්ට්166.5cm
-
ක්රොඒෂියාව180.8cm
-
කියුබාව172cm
-
සයිප්රසය175cm
-
චෙක් ජනරජය180.1cm
-
ඩෙන්මාර්කය181.4cm
-
ජිබුටි166.6cm
-
ඩොමිනිකා176.3cm
-
ඩොමිනිකන් ජනරජය172.7cm
-
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය166.8cm
-
ඉක්වදෝරය167.1cm
-
ඊජිප්තුව166.7cm
-
එල් සැල්වදෝරය169.8cm
-
සමක ගිනියාව167.4cm
-
එරිත්රියාව168.4cm
-
එස්තෝනියාව181.6cm
-
ඉතියෝපියාව166.2cm
-
ෆිජී173.9cm
-
ෆින්ලන්තය179.6cm
-
ප්රංශය179.7cm
-
ප්රංශ පොලිනීසියාව177.4cm
-
ගැබොන්167.9cm
-
ගැම්බියාව165.4cm
-
ජෝර්ජියාව174.3cm
-
ජර්මනිය179.9cm
-
ඝානාව168.8cm
-
ග්රීසිය177.3cm
-
ග්රීන්ලන්තය174.9cm
-
ග්රෙනාඩා177cm
-
ගෝතමාලාව163.4cm
-
ගිනියාව167.5cm
-
ගිනියා-බිසව්167.9cm
-
ගයනාව170.2cm
-
හයිටි172.6cm
-
හොන්ඩුරාස්166.4cm
-
හංගේරියාව177.3cm
-
අයිස්ලන්තය180.5cm
-
ඉන්දියාව164.9cm
-
ඉන්දුනීසියාව163.6cm
-
ඉරානය173.6cm
-
ඉරාකය170.4cm
-
අයර්ලන්තය178.9cm
-
ඊශ්රායලය176.9cm
-
ඉතාලිය177.8cm
-
ජැමෙයිකාව174.5cm
-
ජපානය170.8cm
-
ජෝර්දානය171cm
-
කසකස්තානය171.1cm
-
කෙන්යාව169.6cm
-
කිරිබතී169.2cm
-
කුවේටය172.1cm
-
කීර්කිස්ථානය171.2cm
-
ලාඕසය160.5cm
-
ලැට්වියාව181.4cm
-
ලෙබනනය174.4cm
-
ලෙසෝතෝව165.6cm
-
ලයිබීරියාව163.7cm
-
ලිබියාව173.5cm
-
ලිතුවේනියාව179cm
-
ලක්සම්බර්ග්177.9cm
-
මැසිඩෝනියාව178.3cm
-
මැඩගස්කරය161.5cm
-
මලාවි162.2cm
-
මැලේසියාව167.9cm
-
මාලදිවයින167.7cm
-
මාලි171.1cm
-
මෝල්ටාව173.3cm
-
මාෂල් දූපත්162.8cm
-
මොරිටේනියාව163.3cm
-
මුරුසිය170.5cm
-
මෙක්සිකෝව169cm
-
මයික්රොනීසියාව168.5cm
-
මෝල්ඩෝවා175.5cm
-
මොන්ගෝලියාව169.1cm
-
මොන්ටිනිග්රෝ178.3cm
-
මොරොක්කෝව170.4cm
-
මොසැම්බික්164.8cm
-
මියන්මාරය164.7cm
-
නැමිබියාව167cm
-
නාවුරු167.8cm
-
නේපාලය162.3cm
-
නෙදර්ලන්තය182.5cm
-
නවසීලන්තය177.7cm
-
නිකරගුවාව166.7cm
-
නයිජර්167.7cm
-
නයිජීරියාව165.9cm
-
නියුවේ175.8cm
-
උතුරු කොරියාව172cm
-
නෝර්වේ179.7cm
-
අල්ලා ගත් පලස්තීන බල ප්රදේශ172.1cm
-
ඕමානය169.2cm
-
පාකිස්ථානය166.9cm
-
පලාවු167.7cm
-
පැනමාව168.5cm
-
පැපුවා නිව් ගිනියාව163.6cm
-
පැරගුවේ172.8cm
-
පේරු165.2cm
-
පිලිපීනය163.2cm
-
පෝලන්තය177.3cm
-
පෘතුගාලය172.9cm
-
පුවර්ටෝ රිකෝ172.1cm
-
කටාර්170.5cm
-
රොමේනියාව174.7cm
-
රුසියානු සමූහාණ්ඩුව176.5cm
-
රුවන්ඩාව162.7cm
-
ශාන්ත කිට්ස් සහ නේවිස්169.6cm
-
ශාන්ත ලුසියා171.9cm
-
ශාන්ත වින්සන්ට් සහ ග්රෙනඩින්ස්172.8cm
-
සමෝවා174.4cm
-
සාඕ ටොමේ සහ ප්රින්සිපේ167.4cm
-
සවුදි අරාබිය167.7cm
-
සෙනගාලය173.1cm
-
සර්බියාව180.6cm
-
සීෂෙල්ස්174.2cm
-
සියෙරා ලියොන්164.4cm
-
සිංගප්පූරුව172.6cm
-
ස්ලෝවැකියාව179.5cm
-
ස්ලෝවේනියාව179.8cm
-
සොලමන් දූපත්164.1cm
-
සෝමාලියාව166.6cm
-
දකුණු අප්රිකාව166.7cm
-
දකුණු කොරියාව174.9cm
-
ස්පාඤ්ඤය176.6cm
-
ශ්රී ලංකාව165.7cm
-
සුඩානය166.6cm
-
සුරිනාමය172.7cm
-
ස්වාසිලන්තය168.1cm
-
ස්වීඩනය179.7cm
-
ස්විට්සර්ලන්තය178.4cm
-
සිරියානු අරාබි ජනරජය170.4cm
-
තායිවානය174.5cm
-
ටජිකිස්තානය171.3cm
-
ටැන්සානියාව164.8cm
-
තායිලන්තය169.2cm
-
ටිමෝර්-ලෙස්ටේ159.8cm
-
ටෝගෝ168.3cm
-
ටොකලාවු175.3cm
-
ටොංගා176.8cm
-
ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ173.7cm
-
ටියුනීසියාව174cm
-
තුර්කිය174.2cm
-
ටර්ක්මෙනිස්තානය172cm
-
ටුවාලු169.6cm
-
උගන්ඩාව165.6cm
-
යුක්රේනය178.5cm
-
එක්සත් අරාබි එමීර් රාජ්යය170.5cm
-
එක්සත් රාජධානිය177.5cm
-
ඇමරිකා එක්සත් ජනපදය177.1cm
-
උරුගුවේ173.4cm
-
උස්බෙකිස්තානය169.4cm
-
වනුආටු168.1cm
-
වෙනිසියුලාව171.6cm
-
වියට්නාමය164.4cm
-
යේමනය159.9cm
-
සැම්බියාව166.5cm
-
සිම්බාබ්වේ168.6cm
-
ඇෆ්ඝනිස්ථානය155.1cm
-
ඇල්බේනියාව161.8cm
-
ඇල්ජීරියාව159.1cm
-
ඇමෙරිකානු සැමෝවා164.5cm
-
ඇන්ඩෝරා162.9cm
-
ඇන්ගෝලාව157.3cm
-
ඇන්ටිගුවා සහ බාබුඩා160.7cm
-
ආර්ජන්ටිනාව159.2cm
-
ආර්මේනියාව158.1cm
-
ඔස්ට්රේලියාව165.9cm
-
ඔස්ට්රියාව164.6cm
-
අසර්බයිජානය158.3cm
-
බහමාස්160.7cm
-
බහරේනය156.7cm
-
බංගලාදේශය150.8cm
-
බාබඩෝස්165.3cm
-
බෙලරූස්166.3cm
-
බෙල්ජියම165.5cm
-
බෙලීස්156.9cm
-
බෙනින්156.2cm
-
බර්මියුඩා160.7cm
-
භූතානය153.6cm
-
බොලිවියාව153.9cm
-
බොස්නියාව සහ හර්සගොවිනා165.8cm
-
බොට්ස්වානා161.4cm
-
බ්රසීලය160.9cm
-
බෲනයි දාරුසලාම්154cm
-
බල්ගේරියාව164.8cm
-
බර්කිනා ෆාසෝ160.2cm
-
බුරුන්ඩි154cm
-
කේප් වර්ඩ්161.6cm
-
කාම්බෝජය152.9cm
-
කැමරූන්158.8cm
-
කැනඩාව163.9cm
-
මධ්යම අප්රිකානු ජනරජය158cm
-
චැඩ්160.2cm
-
චිලී159.4cm
-
චීනය159.7cm
-
චීනය (හොංකොං විශේෂ පරිපාලන කලාපය)159cm
-
කොලොම්බියාව156.9cm
-
කොමරෝස්155.6cm
-
කොංගෝව157.6cm
-
කුක් දූපත්163.2cm
-
කොස්ටාරිකා156.4cm
-
අයිවරි කෝස්ට්158.1cm
-
ක්රොඒෂියාව165.6cm
-
කියුබාව158cm
-
සයිප්රසය162.3cm
-
චෙක් ජනරජය168.5cm
-
ඩෙන්මාර්කය167.2cm
-
ජිබුටි156.1cm
-
ඩොමිනිකා164.3cm
-
ඩොමිනිකන් ජනරජය159cm
-
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය155.2cm
-
ඉක්වදෝරය154.2cm
-
ඊජිප්තුව157.3cm
-
එල් සැල්වදෝරය154.5cm
-
සමක ගිනියාව157.3cm
-
එරිත්රියාව156.4cm
-
එස්තෝනියාව168.7cm
-
ඉතියෝපියාව155.7cm
-
ෆිජී161.7cm
-
ෆින්ලන්තය165.9cm
-
ප්රංශය164.9cm
-
ප්රංශ පොලිනීසියාව164.5cm
-
ගැබොන්158.8cm
-
ගැම්බියාව160.9cm
-
ජෝර්ජියාව163cm
-
ජර්මනිය165.9cm
-
ඝානාව157.9cm
-
ග්රීසිය164.9cm
-
ග්රීන්ලන්තය161.5cm
-
ග්රෙනාඩා164.5cm
-
ගෝතමාලාව149.4cm
-
ගිනියාව157.8cm
-
ගිනියා-බිසව්158.2cm
-
ගයනාව157.9cm
-
හයිටි158.7cm
-
හොන්ඩුරාස්153.8cm
-
හංගේරියාව163.7cm
-
අයිස්ලන්තය165.9cm
-
ඉන්දියාව152.6cm
-
ඉන්දුනීසියාව152.8cm
-
ඉරානය159.7cm
-
ඉරාකය158.7cm
-
අයර්ලන්තය165.1cm
-
ඊශ්රායලය161.8cm
-
ඉතාලිය164.6cm
-
ජැමෙයිකාව163.1cm
-
ජපානය158.3cm
-
ජෝර්දානය158.8cm
-
කසකස්තානය159.6cm
-
කෙන්යාව158.2cm
-
කිරිබතී157cm
-
කුවේටය159.4cm
-
කීර්කිස්ථානය159.4cm
-
ලාඕසය151.3cm
-
ලැට්වියාව169.8cm
-
ලෙබනනය162.4cm
-
ලෙසෝතෝව155.7cm
-
ලයිබීරියාව155.7cm
-
ලිබියාව162.1cm
-
ලිතුවේනියාව166.6cm
-
ලක්සම්බර්ග්164.4cm
-
මැසිඩෝනියාව159.8cm
-
මැඩගස්කරය151.2cm
-
මලාවි154.4cm
-
මැලේසියාව156.3cm
-
මාලදිවයින155cm
-
මාලි160.5cm
-
මෝල්ටාව160.9cm
-
මාෂල් දූපත්151.3cm
-
මොරිටේනියාව157.7cm
-
මුරුසිය157.2cm
-
මෙක්සිකෝව156.8cm
-
මයික්රොනීසියාව156.1cm
-
මෝල්ඩෝවා163.2cm
-
මොන්ගෝලියාව158.2cm
-
මොන්ටිනිග්රෝ164.9cm
-
මොරොක්කෝව157.8cm
-
මොසැම්බික්154cm
-
මියන්මාරය154.4cm
-
නැමිබියාව158.8cm
-
නාවුරු154cm
-
නේපාලය150.9cm
-
නෙදර්ලන්තය168.7cm
-
නවසීලන්තය164.9cm
-
නිකරගුවාව154.4cm
-
නයිජර්158.3cm
-
නයිජීරියාව156.3cm
-
නියුවේ164.8cm
-
උතුරු කොරියාව159cm
-
නෝර්වේ165.6cm
-
අල්ලා ගත් පලස්තීන බල ප්රදේශ158.8cm
-
ඕමානය157.2cm
-
පාකිස්ථානය153.8cm
-
පලාවු156.2cm
-
පැනමාව155.5cm
-
පැපුවා නිව් ගිනියාව154.9cm
-
පැරගුවේ159.9cm
-
පේරු152.9cm
-
පිලිපීනය149.6cm
-
පෝලන්තය164.6cm
-
පෘතුගාලය163cm
-
පුවර්ටෝ රිකෝ159.2cm
-
කටාර්159.4cm
-
රොමේනියාව162.7cm
-
රුසියානු සමූහාණ්ඩුව165.3cm
-
රුවන්ඩාව154.8cm
-
ශාන්ත කිට්ස් සහ නේවිස්159.2cm
-
ශාන්ත ලුසියා162.3cm
-
ශාන්ත වින්සන්ට් සහ ග්රෙනඩින්ස්160.7cm
-
සමෝවා162cm
-
සාඕ ටොමේ සහ ප්රින්සිපේ158.9cm
-
සවුදි අරාබිය155.9cm
-
සෙනගාලය162.5cm
-
සර්බියාව167.7cm
-
සීෂෙල්ස්162.1cm
-
සියෙරා ලියොන්156.6cm
-
සිංගප්පූරුව160.3cm
-
ස්ලෝවැකියාව167.5cm
-
ස්ලෝවේනියාව166.1cm
-
සොලමන් දූපත්154.4cm
-
සෝමාලියාව156.1cm
-
දකුණු අප්රිකාව158cm
-
දකුණු කොරියාව162.3cm
-
ස්පාඤ්ඤය163.4cm
-
ශ්රී ලංකාව154.6cm
-
සුඩානය156cm
-
සුරිනාමය160.7cm
-
ස්වාසිලන්තය158.6cm
-
ස්වීඩනය165.7cm
-
ස්විට්සර්ලන්තය163.5cm
-
සිරියානු අරාබි ජනරජය158.6cm
-
තායිවානය161.5cm
-
ටජිකිස්තානය157.3cm
-
ටැන්සානියාව155.9cm
-
තායිලන්තය157.9cm
-
ටිමෝර්-ලෙස්ටේ151.2cm
-
ටෝගෝ158.3cm
-
ටොකලාවු162.5cm
-
ටොංගා165.5cm
-
ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ160.6cm
-
ටියුනීසියාව160.4cm
-
තුර්කිය160.5cm
-
ටර්ක්මෙනිස්තානය161.7cm
-
ටුවාලු158.1cm
-
උගන්ඩාව156.7cm
-
යුක්රේනය166.3cm
-
එක්සත් අරාබි එමීර් රාජ්යය158.7cm
-
එක්සත් රාජධානිය164.4cm
-
ඇමරිකා එක්සත් ජනපදය163.5cm
-
උරුගුවේ162.1cm
-
උස්බෙකිස්තානය157.8cm
-
වනුආටු158.2cm
-
වෙනිසියුලාව157.4cm
-
වියට්නාමය153.6cm
-
යේමනය154cm
-
සැම්බියාව155.8cm
-
සිම්බාබ්වේ158.2cm
ඔබට **{category}** හි සාමාන්ය පිරිමියෙකුගේ උසට ආසන්න උසක් තිබේ
ඔබට **{category}** හි සාමාන්ය කාන්තාවකගේ උසට ආසන්න උසක් තිබේ
ඉතිරි කුඩා කොටස පෝෂණය, රෝගවලට නිරාවරණය වීම, ළමා කාලයේ පරිසරය සහ සෞඛ්ය සේවාවන් වෙත ප්රවේශය වැනි සාධකවල බලපෑමට ලක් වේ.
"උස වැඩිවීම ඉහළ ජීවන තත්ත්වයක් පෙන්නුම් කරනවා," බ්ලම් පවසයි.
ජානමය වෙනස්කම් සැලකිල්ලට ගැනීම සඳහා, පර්යේෂකයෝ විශාල ජනගහන කාණ්ඩවල සාමාන්ය උස පිළිබඳව අධ්යයනය කරති. දළ දේශීය නිෂ්පාදිතය වැනි මිනුම්වලින් හෙළි නොවිය හැකි ප්රවණතා සහ අසමානතා හඳුනා ගැනීමට මෙය ඔවුන්ට උපකාරී වේ.
කෘෂිකර්මාන්තය අපගේ උස අඩු කරනවා ද?
බ්ලම්ට අනුව, ඉතිහාසයේ ප්රධාන හැරවුම් ලක්ෂ්ය දෙකක් තිබිණි.
පළමුවැන්න නව ශිලා යුගයේ විප්ලවයත් සමඟ සිදු වූ අතර, එහිදී මානවයා වසර 12,000 සිට 10,000 දක්වා කාලය තුළ දඩයම් කිරීම සහ එක්රැස් කිරීම සිට ගොවිතැන දක්වා පැමිණියේ ය.
ඈත අතීතයේ පැවති ප්රවණතා අධ්යයනය කිරීම සඳහා පර්යේෂකයන් ඇටසැකිලි ආශ්රිත දත්ත මත විශ්වාසය තබන අතර, ඒවාට සීමා පවතී.
කෙසේ වෙතත්, බොහෝදෙනෙකු එකඟ වන්නේ ගොවිතැනට ළඟාවීම උස අඩුවීමට හේතු වූ බවට යි.

ඡායාරූප මූලාශ්රය, Anadolu via Getty Images

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජානමය විවිධත්වය සැලකිල්ලට ගත් විට, නව ශිලා යුගයට පෙර විසූ ජනතාව හා සසඳන විට, නව ශිලා යුගයේ විසූ ජනතාව සාමාන්යයෙන් අපේක්ෂිත ප්රමාණයට වඩා සෙන්ටිමීටර 2.8කින් උසින් අඩු බව 2022 වසරේ සිදු කළ අධ්යයනයකදී ඇස්තමේන්තු කර ඇත.
කෘෂිකර්මාන්තයට මාරුවීම වඩාත් ස්ථාවර ආහාර සැපයුම් රැගෙන ආ නමුත් ඇත්ත වශයෙන් ම වඩා හොඳ පෝෂණයක් නොලැබිණි.
දඩයම්කරුවන් සහ ආහාර එකතු කරන්නන්ගේ ආහාර වේල්වල සත්ව සම්භවයක් ඇති නිෂ්පාදන වැඩිපුර අඩංගු වූ අතර, බ්ලම් පවසන පරිදි එය ඉතා වැදගත් සාධකයකි.
"අපි මෙහිදී කතා කරන්නේ කුසගින්න ගැන හෝ කුසගින්නේ නොසිටීම ගැන යි, ඒ මත පදනම්ව, සත්ව නිෂ්පාදන වැඩිපුර ලබා ගැනීම හොඳ අදහසක්, මොකද මේ ඇමයිනෝ අම්ල ලබා ගැනීම ඔබට ඇත්තෙන් ම අත්යවශ්ය යි," ඔහු පවසයි.
බ්ලම් පවසන පරිදි, දඩයම් කරමින් හා ආහාර එකතු කරමින් ජීවත් වූ මිනිසුන්ට වඩා හොඳින් පෝෂණය ලැබීමට හැකි වූවා පමණක් නොව, ඔවුන්ට එක් තැනක සිට තවත් තැනකට යාමටත්, එමගින් තම අපද්රව්ය එම ස්ථානවලම ඉතිරි කර දමා යාමටත් හැකි විය. නමුත් ගොවිතැන් කළ මිනිසුන්ට එසේ කිරීමට නොහැකි විය.
ඔවුන් බෝවන රෝගවලින් පීඩා විඳි අතර ''ඔවුන්ට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට තිබුණා, ඔවුන්ට ඔවුන්ගේ නිවාස සහ පශු සම්පත නඩත්තු කිරීමට තිබුණා, සහ ඔවුන් සතුන් අසල ම ජීවත් වුණා," ඔහු පවසයි.
ඉන් පසු සහස්ර ගණනාවක් පුරා විවිධ කලාපවල උස මට්ටම් ඉහළ පහළ ගිය නමුත්, බ්ලම් (Blum) පවසන පරිදි, එම වෙනස්කම් බොහෝ විට දිගු කලක් පැවතියේ නැත.
"දිගු කාලයක් පුරාවට, ඔබට පැහැදිලි ඉහළ යෑමේ හෝ පහළ යෑමේ නැඹුරුතාවක් සොයාගන්න ලැබෙන්නේ නැහැ. සාගත තිබෙනවා, යුද්ධ තිබෙනවා, නමුත් පසුකාලීනව ජනගහනය නැවත ඉහළ යනවා," ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්රය, Leeuwtje via Getty Images
සමහර අර්බුද අනපේක්ෂිත ප්රතිඵල ඇති කළේය. 14 වන සියවසේ මැද භාගයේදී යුරෝපයේ ජනගහනයෙන් අඩක් පමණ මිය යාමට හේතු වූ 'කළු මරණය' නම් වසංගතයෙන් පසුව, මිනිසුන්ගේ සාමාන්ය උස වැඩි වූ බව අධ්යයනවලින් පෙනී යයි.
ගුන්ටුපල්ලි සහ ඇගේ සගයන් එංගලන්තයේදී අස්ථි කොටස් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් සොයා ගැණුනේ 14 වන සියවසේ මුල් භාගයේ සාමාන්ය උස සෙන්ටිමීටර 170ක් පමණ වූ බව යි. 15 වන සියවසේ මුල් භාගය වන විට මෙය සෙන්ටිමීටර 174ක් දක්වා වැඩි විය.
ඇය පවසන්නේ ඒ පිළිබඳ දත්ත එතරම් නොමැති වුවත්, "සමහරවිට වැටුප් ඉහළ යාම හේතුවෙන් උස වැඩි වන්නට ඇතැයි" ඇය අනුමාන කරන බව යි. ඊට හේතුව ලෙස ඇය දක්වන්නේ, ශ්රම හිඟය පැවතීම නිසා සේවකයින්ට වැඩි කේවල් කිරීමේ බලයක් ලැබී තිබූ බවත්, එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් තිබිය හැකි බවත් ය.
'නවෝත්පාදන සමූහයක්'
බ්ලූම්ට අනුව මිනිසාගේ උසෙහි සිදුවූ දෙවන ප්රධාන වෙනස, 18 වන සියවසේ බ්රිතාන්යයෙන් ආරම්භ වී ලෝකයේ සෙසු ප්රදේශවලට ද ව්යාප්ත වූ කාර්මික විප්ලවයත් සමග පැමිණියේ ය.
කාර්මීකරණය මගින් ආර්ථිකයන් කෘෂිකර්මාන්තයේ සිට කර්මාන්තය වෙත වෙනස් විය. එය වැඩි පිරිසක් නගර වෙත සංක්රමණය වීමට හේතු වූ අතර, නව තාක්ෂණයන් හඳුන්වා දීමටත්, රටවල් අතර වෙළඳාම පුළුල් කිරීමටත් මග පෑදී ය.
එහි ප්රතිඵලයක් ලෙස උස වැඩි වීමක් සිදු වූ නමුත් එය ඉක්මනින් සිදු නොවී ය.
මුල්කාලීන කාර්මික පරිසරය ''සෞඛ්යයට හිතකර වුණේ නැහැ," ගුන්ටුපල්ලි පවසයි. දුර්වල සනීපාරක්ෂාව, අවහිර වූ නිවාස සහ වෙහෙසකර කර්මාන්තශාලා කටයුතු විවිධ රටවල් තුළ මුල් දශක කිහිපයේදී උස පහත යාමට මූලික විය.
බ්ලූම් පවසන්නේ ප්රධාන කාර්මික මධ්යස්ථානවලදී, මිනිසුන් මාරුවෙන් මාරුවට එකම ඇඳේ නිදා ගත් බව යි.

ඡායාරූප මූලාශ්රය, ZU_09 via Getty Images
ආදායම් වර්ධනය වූ විට සහ මහජන සෞඛ්ය පියවර පුළුල් වූ විට, උස සැලකිය යුතු ලෙස ඉහළ යාමට පටන් ගත්තේ ය.
බ්ලූම් එය වැඩිදියුණු කළ සනීපාරක්ෂාව, නිවාස සහ ආහාර සහ වෛද්ය තාක්ෂණයේ සොයාගැනීම ලෙස දක්වයි. "ඒක එකට එක්ව සිදුකරන නවෝත්පාදනවල විශාල එකතුවක්," ඔහු පවසයි.
දකුණු කොරියාව කාර්මීකරණයට අත්විඳිනු ලැබුවේ පසුකාලීනව වුව ද, එහි වේගවත් ආර්ථික සංවර්ධන පසුගිය සියවස තුළ වාර්තා වූ වඩාත්ම නාට්යාකාර සාමාන්ය උස සමග ඉහළයාම සමග පැමිණියේ ය. 2016 වසරේ සිදුකළ විශ්ලේෂණයකට අනුව පිරිමින්ගේ උස සෙන්ටිමීටර 15කින් සහ කාන්තාවන්ගේ උස සෙන්ටිමීටර 20කින් ඉහළ ගොස් තිබේ.
එහි උච්චතම අවස්ථාවට ළඟාවීම
Our World in Data මගින් වාර්තා කර ඇති පරිදි 1996 වසරේ උපත ලැබූවන් අතර ලොව පුරා පිරිමින්ගේ සාමාන්ය උස සෙන්ටිමීටර 171ක් සහ කාන්තාවන්ගේ සාමාන්ය උස සෙන්ටිමීටර 159ක් වේ.
වර්තමානයේ ඉතා දියුණු රටවල, ආදායම්, ඵලදායිතාව, නිෂ්පාදන සහ සේවා වැඩි වීම තවදුරටත් ඉහළ සාමාන්ය උසකට හේතු නොවන බව බ්ලුම් පවසයි.
මෙය සිදුවූයේ මන්දැයි පර්යේෂකයන්ට නිශ්චිතවම කිව නොහැක. ඇතැමුන් විශ්වාස කරන්නේ, මෙම ජනගහනවලට තම ජාන මගින් ඉඩ ලබා දෙන උපරිම උස ප්රමාණයට ළඟා වීමට ඉඩ ඇති බව යි. තවත් සමහරුන් සිතන්නේ, මෙය ක්ෂණික ආහාර පරිභෝජනය ඉහළ යාම සහ ශාරීරික ක්රියාකාරකම් අඩු ජීවන රටාවන් සමග සම්බන්ධ විය හැකි බව යි.
බ්ලූම් පවසන්නේ අපට අනාගතයේ දී උසට අමතරව "ජීව විද්යාත්මක ජීවන තත්වයන්" පිළිබඳ නව මිනුම් සොයා ගැනීමට අවශ්ය විය හැකි බව යි.
උදාහරණයක් ලෙස, ඔහු පවසන්නේ නිර්මාංශ වීම සහ නිර්මාංශ ආහාරවල වැඩිවීමක් අනිවාර්යයෙන්ම ඉහළ සාමාන්ය උසකට පරිවර්තනය නොවිය හැකි නමුත් සෞඛ්ය සම්පන්න හෝ වඩා තිරසාර වීම වැනි වෙනත් ප්රතිලාභ ලබා ගත හැකි බව යි.
සමස්තයක් ලෙස ලෝකය සම්බන්ධයෙන් ගත් විට ගුන්ටුපල්ලි පවසන්නේ ආහාර හා ඉන්ධන හිඟය සහ වර්තමානයේ පවතින "ඉතාමත් විශාල කැපී පෙනෙන අසමානතා" මිනිසුන් තවදුරටත් උස යනු ඇති ද යන්න පිළිබඳ ඇයට සැකයක් පවතින බව යි.
අඩු සහ මධ්යම ආදායම් ලබන රටවල "වයසට සරිලන උස නොමැතිවීම ඉහළ මට්ටමක පවතින අතර, මෙම රටවල දුප්පත් ජනතා ව උසින් අඩුම අය යි" ඇය පවසයි. වයසට සරිලන උස නොමැති වීම යනු දරුවන් ඔවුන්ගේ වයසේදී බොහෝ සෙයින් මිටි වීම වන අතර එය මිටි වැඩිහිටියන් සඳහා මග පාදයි.
එපමණක් නොව, නියඟය සහ ගංවතුර වැනි දරුණු කාලගුණික සිදුවීම් ආහාර නිෂ්පාදනයට සහ කිරි සහ අනෙකුත් සත්ව නිෂ්පාදන සඳහා ප්රවේශයට බලපෑම් එල්ල කරමින් පවතින බව ගුන්ටුපල්ලි පවසයි.
"අපිට ගෝලීය සෞඛ්ය උදෙසා ලබාදෙන අරමුදල් කප්පාදුවක් ද සිදුවෙමින් තිබෙන නිසා එන්නත්කරණ වැඩසටහන්, පෝෂණ වැඩසටහන් සහ සරණාගතයින් සඳහා වන වැඩසටහන් රැසකට ඉන් බලපෑම් එල්ල වෙලා තිබෙනවා," ඇය වැඩිදුරටත් පවසයි.
ගුන්ටුපල්ලි විශ්වාස කරන්නේ මෙම "විනාශකාරී තත්වය" සමගින්, ධනවත් හා දුප්පත් රටවල් අතර පමණක් නොව, සමාජ තුළ ද උස අසමානතාවය වැඩි වීම අපට දකින්නට ලැබෙනු ඇති බව යි.
"අපි ඉන්නේ අසමාන ලෝකයක," ඇය පවසයි.


































