BBC News, සිංහල - ප්රධාන පුවත්
ප්රධාන පුවත
රනිල් වික්රමසිංහ සිරකරුවෙකුට දුන් පොදු සමාව බලශූන්ය බවට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
සිය භාර්යාවට නඩත්තු හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස 29ක සිර දඬුවමක් නියම වී සිටි මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තා පොදු සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ගත් තීරණය බලශූන්ය බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
'කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයා ආපහු ආවේ, උස්සගෙන': හෝමාගම පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ඉෂාරගේ කතාව
"ගහලා මැරුවේ.. එයාට කිසි ම ලෙඩක් තිබුණේ නෑ. කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයෙක් එනකොට කොහොම ද උස්සගෙන එන්නේ. තිරිසනෙකුට වගේ ගහන්න ඇති බඩවල්වල නිල් පැල්ලම්, කටෙන් ලේ පැනලා." හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාරගේ බිරිඳ වන පියුමි නිසංසලා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ, පොලිස් පහර දීම හේතුවෙන් තම සැමියා මිය ගිය බව ය.
ගුරු හිඟය: 'ගුරුවරුන් නැති නිසා අපේ දරුවන්ට පන්ති කාමරවලට වෙලා ටීවී බලන්න සිද්ධ වුණා'
"ඔව්, වාර්තා වෙනවා සහ දැනට එහෙම ගැටලුවකුත් තියෙනවා. විශේෂයෙන් ම ගත්තොත් එහෙම උසස් පෙළ සමහර විෂයන්ට ඉන්නේ එක ගුරුවරය යි. ඒ ගුරුවරයා මොකක් හරි හේතුවක් හින්දා, එක්කෝ මැටර්නිටි ලීව් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන යම් හෝ කාරණයක් හින්දා දීර්ඝ කාලීන නිවාඩු ගත්තොත් එහෙම විෂයට කෙනෙක් නැති වෙනවා, ගුරුවරයෙක් නැති වෙනවා. මේ ප්රශ්නය දිගින් දිගට ම තියෙනවා."
'ඔර්නබ්' සුළි කුණාටුවට නම ලැබුණේ කොහොම ද? ශ්රී ලංකාවට ඉන් ඇති බලපෑම් මොනවා ද?
'ඔර්නබ්' (Ornab / Arnab) සුළි කුණාටුවට එම නම ලබා දුන්නේ බංග්ලාදේශය යි. බෙංගාලි භාෂාවෙන් එහි සරල අර්ථය වන්නේ "මහ සාගරය" හෝ "මුහුද" යන්නයි. මෙම නිල නාම ලේඛනය බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, ශ්රී ලංකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ යේමනය යන රටවල් 13ක දායකත්වයෙන් සමන්විත වේ.
වන සතුන්ගේ මස් හා ඉබ්බන් ළඟ තබාගත් ශ්රී මහා බෝධියේ ප්රධාන කපු මහතාට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි නියෝග
ගෝන මස්, කැබැල්ලෑ මස්, මීමින්නා මස්, ඉබි මස්, ඉබි බිත්තර 14ක්, ගල් ඉබ්බන් හය දෙනෙකු සහ ඇත් දළ කොටස්වලින් සකස් කළ පළඳනාවක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව, අනුරාධපුර ජය ශ්රී මහා බෝධි මහ මළුවේ ප්රධාන කපු මහතාට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්රාත් දසුනි හපුආරච්චි අද (ඔක්. 26) රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට නියෝග කළා ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්ය ද?
අවම ඩේටා ප්රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්යා දත්ත ඇසුරෙන්
කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්රදේශ ආශ්රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.



















































