BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අවසන්: රහසිගත නිගමනය කතානායකට දෙන බව කියයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව අද (සැප්: 02) නියෝග කළේ ය.
මිය ගොස් සිටියදී හමුවූ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සම්බන්ධ ආන්දෝලන සහ චෝදනා මොනවා ද?
හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වීමට පෙර එරාජ් ප්‍රනාන්දු සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදී. 2010 සහ 2014 කාලසීමාව තුළ එම ධූරය දැරූ ඔහුට දූෂණ චෝදනා සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.
'දිසානායක රජය පෙර රජයන්ගේ පුරුද්දෙන් මිදිය යුතු යි': හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් හෙළිකරන කරුණු මොනවා ද?
යුක්තිය ඉටු කිරීමේ දී සීමිත ප්‍රගතියක් ලබා ගෙන ඇති වතාවරණයක් තුළ, බරපතල අපරාධ සඳහා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක නායකත්වය දෙනු ලබන වත්මන් ආණ්ඩුව කඩිනම් ප්‍රතිචාර දක්වා නොමැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ. එමෙන්ම, මීට පෙර අතරමග ඇණ හිටි තිබූ වැදගත් විමර්ශන කිහිපයක්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය යටතේ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ද එම සංවිධානය පෙන්වා දී තිබේ.
ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝග මොනවා ද?
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගය අනුව, ඇම්ප්ලිෆයර්, ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීමෙන් මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට අපහසුතාවක් හෝ යම් පීඩාවක් ඇති වන විටදී, එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතියට අනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ.
22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය (දිනය 01): අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය සැප්තැම්බර් 02 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේ ය. ඒ අනුව, පෙත්සම්කාර පාර්ශවයේ දේශන ඊයේ (සැප්. 01) රාත්‍රී 10.30ට පමණ අවසන් වූ අතර, වැඩිදුර දේශන අද (සැප්. 02) සිදු කිරීමට නියමිත ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
නැගෙනහිර වෙරළේ ඛනිජ වැලි: රටේ ඊළඟ විශාල අපනයන සම්පත ද? තවත් පාරිසරික අර්බුදයක් ද?
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ඛනිජ වැලි කැණීම්, ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට අනුව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන එන කර්මාන්තයකි. කෙසේ නමුත් මෙයින් ඇති විය හැකි පාරිසරික බලපෑම මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් සිදු කරනු ඇති බවට එම ජනතාව සැක පළ කරති.
එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'
"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.
කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?
පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.
අහංගම වෙරළ තීරයේ ඇත්තට ම සිදු වුණේ කුමක් ද? ඉදිරියේදී සිදු කිරීමට යන වෙනස්කම් මොනවා ද?
"සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී මිරිස්ස වෙරළ තිරයේ මනුස්සයෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මුහුදු වෙරළේ පුටු වගේම බංකර් බෙඩ් එහෙම තියලා තියෙන නිසා. අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසිම දෙයක් කරන්නෙපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරය ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන. මේ නිසා අපි ඉදිරියේදී වෙරළ තීරයේ යම් සීමාවන් පනවනවා පුටු වගේම බංකර් බෙඩ්ස් තියන්න පුළුවන් ප්‍රමාණවල් ගැන."
නන්දා මාලිනී: හඬ පෞරුෂයෙන් 'අරගලයක්' කළ සිංහල ගීතයේ යශෝරාවය
1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි. ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.



















































